කරුණාකර 2025/09/01 දින හෝ එම දිනෙන් පසු සිදු වූ සිද්ධීන් වලට අදාළ හිමිකම් ලියකියවිලි වල දෘඪ පිටපත් ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් ශාඛා කාර්යාලයකට හෝ ප්‍රධාන කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන්න. හිමිකම් ලිපිගොනු උඩුගත කිරීමෙන් වළකින්න.
හිමිකම් අයදුම්පත ඇතුලත්ව සියලුම හිමිකම් ලියකියවිලි වල මැද කොටසේ අදාළ තොරතුරු අපැහැදිලි නොවන සේ පාසලේ විදුහල්පති විසින්
- විදුහල්පති අත්සන
- නිලමුද්‍රාව
- අත්සන යෙදු දිනය
සහිතව සහතික කිරීම සිදු කල යුතුය.
හිමිකම් ඉල්ලීමේ කාල සීමාව -
සියලුම භෞතික ප්‍රතිලාභ ලේඛන, සිද්ධිය සිදුවූ දින සිට දින 90ක් ඇතුළත ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් ශාඛා කාර්යාලයකට හෝ ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
එසේම ඔප්පු කාල සිමාවන් අවසානයේ දී, සියලුම හිමිකම් සහ හිමිකම් වල අඩුපාඩු පවතින ලියකියවිලි නැවත බාරදීම් ඔප්පු කාල සීමාව අවසන් වූ දින සිට දින 90ක් ඇතුලත සුරක්ෂා රක්ෂණ අංශය වෙත ඉදිරිපත් කල යුතු වේ.