හිමිකම් ඉල්ලීමේ ක්‍රියාවලිය

හිමිකමක් ඉදිරිපත් කරන්නේ කෙසේද?

සුරක්ෂා රක්ෂණාවරණය යටතේ හිමිකමක් ඉදිරිපත් කිරීම සදහා හිමිකමට අදාළ සියළු තොරතුරු දක්වමින් අයදුම්පත සම්පුරණ කල යුතුය.

හිමිකම් අයදුම්පත් පහත මාරග වලින් ලබා ගත හැක.

  • ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙබ් පිටුව මගින්(https://www.srilankainsurance.lk/suraksha/Sn-DownloadForms.aspx)
  • අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් පිටුව
  • පාසැල් මගින්
  • ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ප්‍රධාන කාර්යාලය සහ සියලුම ශාඛා කාර්යාල මගින්

    සියලුම හිමිකම් සම්බන්ධ ලියකියවිලි මාරග ගත ක්‍රමය මගින් ඉදිරිපත් කල යුතු අතර, කිසියම් හිමිකමක් සම්බන්ධ වැඩිදුර තොරතුරු විමසා බැලීමට අවශ්‍ය වේ නම්, එයට අදාළ මුල් පිටපත් කැදවීමේ අයිතිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සතු වේ.

    හිමිකම් නිවැරදිව මාරග ගත ක්‍රමය ඔස්සේ සුරක්ෂා දෙපාරතමේන්තුව වෙත යොමුකල පසු ඒ බව තහවුරු කිරීමට කෙටි පණිවිඩයක් මගින් යොමු අංකයක් (Reference Number) අදාළ දුරකතන අංකයට ලැබෙනු ඇත.

    හිමිකම් අයදුම්පත ඇතුලත්ව සියලුම හිමිකම් ලියකියවිලි වල මැද කොටසේ අදාළ තොරතුරු අපැහැදිලි නොවන සේ පාසලේ විදුහල්පති විසින්

  • විදුහල්පති අත්සන
  • නිලමුද්‍රාව
  • අත්සන යෙදු දිනය
සහිතව සහතික කිරීම සිදු කල යුතුය.

හිමිකම් ඉල්ලීමේ කාල සීමාව -

    සියලුම හිමිකම් අයදුම්පත් මාරග ගත ක්‍රමය හරහා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි සුරක්ෂා රක්ෂණ දෙපාරතමේන්තුව වෙත හිමිකමට අදාල සිද්ධිය සිදු වූ දින සිට දින 90ක් ඇතුලත ලැබිය යුතුය.

    එසේම ඔප්පු කාල සිමාවන් අවසානයේ දී, සියලුම හිමිකම් සහ හිමිකම් වල අඩුපාඩු පවතින ලියකියවිලි නැවත බාරදීම් ඔප්පු කාල සීමාව අවසන් වූ දින සිට දින 90ක් ඇතුලත සුරක්ෂා රක්ෂණ අංශය වෙත ඉදිරිපත් කල යුතු වේ.

හිමිකම් නිරාකරණය කිරීම, හිමිකමේ ස්වභාවය අනුව ක්‍රම 2 කට සිදු කරනු ලබයි.

  1. අසාධ්‍ය රෝග ආවරණය සදහා ඍජු හිමිකම් ගෙවීමේ ක්‍රමය - අනුමත දේශීය රෝහල් සදහා පමණි.

    අසාධ්‍ය රෝග ආවරණය යටතේ ආවරණය වන හිමිකම් සදහා සෘජු හිමිකම් ගෙවීමේ ක්‍රමය යටතේ හිමිකම් ගෙවීමට විශේෂ හිමිකම් මණ්ඩලයේ පෙර අනුමැතිය ලබාගත යුතුවේ.

    ඒ සදහා සෘජු ක්‍රමය යටතේ ගෙවීම් කිරීමට එකඟතාවය පල කරමින් ගෙවීම් තහවුරු කිරීමේ ලිපි අදාල වෛද්‍යවාරතා සදහා පෙර අනුමැතිය ලබාගැනීමෙන් පසු රාජකාරී දින වල පෙ.ව. 8.30 ත් ප.ව. 4.00 කාලය තුල නිකුත් කරනු ලැබේ.


  2. හිමිකම් ප්‍රතිපූරණය කිරීමේ ක්‍රමවේදය -

    මාරග ගත ක්‍රමය මගින් ඉදිරිපත් කරන සියළුම සම්පූරණ කරන ලද ලියකියවිලිි සහිත හිමිකම් අයදුම්පත් සදහා එම හිමිකම් පරික්ෂා කිරීමෙන් පසු ගෙවීම් ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් ගෙවීම සිදු කරනු ලැබේ.

    හිමිකම සදහා වන වගකීම පිලිගැනීමෙන් පසු අදාල හිමිකම් මුදල ශිෂ්‍යයාගේ / දෙමාපියන්ගේ / නීත්‍යානුකූල භාරකරුගේ හිමිකම් පෝරමයේ සදහන් බැංකු ගිණුම් අංකය වෙත බැර කරනු ඇත. හිමිකම් පෝරමයේ බැංකු ගිණුම් අංකයන් සඳහන් නොවන අවස්ථාවල දී ලඅදාල ශිෂ්‍යයා / දෙමාපියන් / භාරකරු ගේ නමට චෙක් පතක් නිකුත් කරන අතරල එම චෙක්පත ඔවුන්ගේ ලඟම පිහිටි ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ශාඛා කාරයාලය හරහා රක්‍ෂිතයන් වෙත යොමු කරනු ලැබේ.

    ඩිජිටල් බැංකුගත ක්‍රමය ( E-Banking ) යටතේ හිමිකම් මුදල් ගෙවීමේදී කෙටි පණිවිඩයක් මගින් දුරකථනය වෙත යොමු කරනු ලැබේ.


ඉතා වැදගත් :

  • මුල් පිටපත් ඉල්ලා සිටින ලියකියවිලි සහ අනෙකුත් සියළුම ජායා පිටපත් ඉල්ලා සිටින ලිය කියවිලි විදුහල්පතිතුමා විසින් නියමිත පරිදි සහතික කල යුතුය.
  • අනුපිටපත් ඉල්ලා සිටින ලියකියවිලි මුල්පිටපත පරීක‍ෂා කිරිමෙන් පසුව විදුහල්පතිතුමා විසින් සහතික කල යුතුය.
  • හිමිකම් ගෙවීම් අනුමත නොකරන රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, ඇස්කණ්ණාඩි සාප්පු ලේඛනය මේ සමග අමුණා ඇත.
  • හිමිකම් නිරාකරණය කිරීමට අදාල වෙනත් අවශ්‍ය ඕනෑම ලියකියවිලි කැදවිමේ අයිතිය ශ්‍රී ලංකා ඉන්සුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සතු වේ.


  • හිමිකම් පෝරමය

  • විස්තරාත්මක බිල්පත්හි මුල් පිටපත්

  • අත්තිකාරම් ලෙස ගෙවූ මුදලට අදාල ලදුපත්හි මුල් පිටපත

  • මුදල් ගෙවූ ලදුපත්හි මුල් පිටපත්

  • නේවාසික ප්‍රතිකාර යටතේ ගෙවීම් සිදුකරනු ලබන අමතර ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමේදී එයට අදාල වෛද්‍ය නිර්දේශය හා මුදල් ගෙවූ ලදුපත් වල මුල් පිටපත්

  • වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව ඇතුලත් රෝග විනිශ්චය කාඩ්පතෙහි සහතික කරන ලද පිටපතක්

  • විදේශ ගතව සිදු කරනු ලබන ප්‍රතිකාර සිදු කිරීමට අදාල වෛද්‍ය නිරදේශය

  • දරුවාගේ මව/පියා/භාරකරුගේ බැංකු පොතෙහි සහතික කල පිටපතක්

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි.

  • හිමිකම් පෝරමය

  • වෙනත් රක්ෂණ සමාගමකින් ගෙවන ලද බිල්පත් වලට අදාලව එම ආයතනය විසින් ගෙවන ලද මුදල තහවුරු කරමින් නිකුත් කරන ලද ලිපියේ මුල් පිටපතක්

  • වෙනත් රක්ෂණ සමාගමකින් ගෙවන ලද බිල්පත් වලට අදාල එම රක්ෂණ සමාගම සතුව පවතින විස්තරාත්මක බිල්පත් හා මුදල් ගෙවූ ලදුපත්හි සහතික කරන ලද පිටපත්

  • මුළු බිල්පතෙන් යම් කොටසක් දෙමාපියන් විසින් ගෙවා ඇත්නම් ගෙවීම් සිදුකරන ලද ලදුපත්හි මුල්පිටපත්

  • වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව ඇතුලත් රෝග විනිශ්චය කාඩ්පතෙහි සහතික කරන ලද පිටපතක්

  • නේවාසික ප්‍රතිකාර යටතේ ගෙවීම් සිදුකරනු ලබන අමතර ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමේදී එයට අදාල වෛද්‍ය නිරදේශය හා මුදල් ගෙවූ ලදුපත් වල මුල් පිටපත්

  • විදේශ ගතව සිදු කරන ලද ප්‍රතිකාර සිදු කිරීමට අදාල වෛද්‍ය නිරදේශය

  • දරුවාගේ මව/පියා/භාරකරුගේ බැංකු පොතෙහි සහතික කල පිටපතක්

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි.

  • හිමිකම් පෝරමය

  • වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව ඇතුලත් රෝග විනිශ්චය කාඩ්පතෙහි සහතික කරන ලද පිටපතක්

  • දරුවාගේ සායනික වාරතා පොතෙහි නම, වයස හා වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව ඇතුලත් මුල් පිටුවෙහි සහතික කරන ලද පිටපතක්

  • දරුවාගේ සායනික වාරතා පොතෙහි රෝහලට ඇතුළත්වූ හා පිටවූ දිනයන් සඳහන් පිටුවෙහි සහතික කරන ලද පිටපතක්

  • රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා කාලය තුලදී පිටින් සිදු කරනු ලබන පරීක්ෂණ හා ඖෂධ සදහා අදාළ වෛද්‍ය නිරදේශය සහ මුදල් ගෙවූ ලදුපත් වල මුල් පිටපත්

  • දරුවාගේ මව/පියා/භාරකරුගේ බැංකු පොතෙහි සහතික කල පිටපතක්

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි

  • හිමිකම් පෝරමය

  • අනුමත පරීක්ෂණ වලට හා ආයුරවේද ප්‍රතිකාර වලට අදාල වෛද්‍ය නිරදේශයේ සහතික කරන ලද පිටපත් (වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව සහිත)

  • අනුමත පරීක්ෂණ වලට හා ආයුරවේද ප්‍රතිකාර වලට අදාලව වෛද්‍ය මධ්‍යස්ථාන වලින් නිකුත් කරන ලද මුදල් ගෙවූ ලදුපත් වල මුල් පිටපත්

  • දරුවාගේ මව/පියා/භාරකරුගේ බැංකු පොතෙහි සහතික කල පිටපතක්

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි.

  • හිමිකම් පෝරමය

  • ඇස් කණ්ණාඩි මිලදී ගැනීමට අදාල විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් නිකුත් කරන ලද වෛද්‍ය නිරදේශයේ මුල් පිටපත

  • ශ්‍රවන උපකරණ මිලදී ගැනීමට අදාල විශේෂඥ උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් නිකුත් කරන ලද වෛද්‍ය නිරදේශයේ මුල් පිටපත

  • දන්ත ප්‍රතිකාර වලට අදාල දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් නිලමුද්‍රාව සහිතව නිකුත් කරන ලද වෛද්‍ය නිරදේශය සහ බිල්පත් වල මුල් පිටපත

  • ඇස් කණ්ණාඩි හා ශ්‍රවන උපකරණ මිලදී ගැනීමට අදාල මුදල් ගෙවූ බිල්පතෙහි මුල් පිටපත

  • අක්ෂි සායන පොතෙහි සහ උගුර කන නාසය සායනික පොතෙහි සහතික කරන ලද පිටපතක්

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • දරුවාගේ මව/පියා/භාරකරුගේ බැංකු පොතෙහි සහතික කල පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි.

ප්‍රතිපුරණය කිරීමේ පදනම මත හිමිකම් ගෙවීම (දේශීය හා විදේශීය රෝහල් ගතවීම් සදහා)

  • හිමිකම් පෝරමය

  • විස්තරාත්මක බිල්පත්හි මුල් පිටපත්

  • අත්තිකාරම් ලෙස ගෙවූ මුදලට අදාල ලදුපත්හි මුල් පිටපත

  • මුදල් ගෙවූ ලදුපත්හි මුල් පිටපත්

  • වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව ඇතුලත් රෝග විනිශ්චය කාඩ්පතෙහි සහතික කරන ලද පිටපතක්

  • දේශීයව හා විදේශ ගතව සිදු කරනු ලබන ප්‍රතිකාර සිදු කිරීමට අදාළ වෛද්‍ය නිරදේශය

  • දරුවාගේ මව/පියා/භාරකරුගේ බැංකු පොතෙහි සහතික කල පිටපතක්

  • ලබාගෙන ඇති ප්‍රතිකාර වලට අදාල වෙනත් වෛද්‍ය වාරතා

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි.

ඍජු ගෙවීම පදනම මත (අනුමත දේශීය රෝහල් සදහා පමණි)

  • හිමිකම් පෝරමය

  • ශල්‍යකරමය හෝ අසාද්‍ය රෝගය සදහා වැය වන ඇස්තමේන්තු ගත මුදල පිළිබද රෝහල මගින් නිකුත් කල ඇස්තමේන්තු බිල්පත

  • දේශීයව සිදු කරනු ලබන ප්‍රතිකාර සිදු කිරීමට අදාළ වෛද්‍ය නිරදේශය

  • වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව ඇතුලත් රෝග විනිශ්චය කාඩ්පතෙහි සහතික කරන ලද පිටපතක්

  • දරුවාගේ මව/පියා/භාරකරුගේ බැංකු පොතෙහි සහතික කල පිටපතක්

  • ලබාගෙන ඇති ප්‍රතිකාර වලට අදාල වෙනත් වෛද්‍ය වාරතා

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි.

සදාකාලික පුරණ සහ සදාකාලික අරධ අකරමන්‍යතා

  • හිමිකම් පෝරමය

  • වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව ඇතුලත් රෝග විනිශ්චය කාඩ්පතෙහි සහතික කරන ලද පිටපතක්

  • විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් දුබලතාව සහ දුබලතාවයේ ප්‍රතිශතය සහතික කරමින් නිකුත් කරනු ලබන වෛද්‍ය වාරතාව

  • හදිසි අනතුර තහවුරු කිරීමට අදාළ ලියකියවිලි

  • වෙනත් වෛද්‍ය වාරතා

  • දරුවාගේ මව/පියා/භාරකරුගේ බැංකු පොතෙහි සහතික කල පිටපතක්

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි.

තාවකාලික පුරණ අකරමන්‍යතා

  • හිමිකම් පෝරමය

  • වෛද්‍යවරයාගේ නිල මුද්‍රාව ඇතුලත් රෝග විනිශ්චය කාඩ්පතෙහි සහතික කරන ලද පිටපතක්

  • රෝහල මගින් නිකුත් කරන ලද වෛද්‍ය වාරතා

  • පාසල් නොපැමිණි කාලසීමාව තහවුරු කරමින් විදුහල්පති විසින් නිකුත් කරනු ලබන ලිපිය

  • දරුවාගේ මව/පියා/භාරකරුගේ බැංකු පොතෙහි සහතික කල පිටපතක්

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි.

  • හිමිකම් පෝරමය

  • මරණ සහතිකයේ සහතික කරන ලද පිටපතක්

  • මරණ හිමිකම ලබා ගැනීම සදහා තොරතුරු තහවුරු කිරීමේ පෝරමය(ග්‍රාම නිලධාරී විසින් සම්පුරණ කරන ලද)

  • සහතික කරන ලද මරණ පරීක්ෂක තැනගේ සහතිකය සමග උපලේඛනය

  • දරුවාගේ උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක්

  • මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක්

  • විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක්

  • දරුවාගේ බැංකු පොතෙහි (දරුවාගේ නම, බැංකු ගිණුම් අංකය ) සදහන් මුල් පිටුවේ සහතික පිටපතක්

  • හිමිකමට අදාළ වෙනත් ලියකියවිලි.