හැඳින්වීම

සුරක්ෂා

සදා සුරකිමු - දැයේ දරුවන්

"සුරක්ෂා" යනු ශ්‍රී ලංකා රජය මගින් සියළුම ශ්‍රී ලාංකීය රජයේ පාසැල්, රජයේ අනුමත පෞද්ගලික පාසැල්, උපකෘත විශේෂ පාසල් සහ පිරිවෙන් හි අධ්‍යාපනය ලබන පාසැල් සිසු දරු දැරියන් සඳහා නොමිලේ ලබා දෙන සෞඛ්‍ය, පුද්ගලික හදිසි අනතුරු සහ දෙමාපියන් අහිමි වීම් සදහා වන්දි ගෙවීමේ රක්ෂණාවරනයයි.






"සුරක්ෂා" යනු ශ්‍රී ලංකා රජය මගින් සියළුම ශ්‍රී ලාංකීය රජයේ පාසැල්, රජයේ අනුමත පෞද්ගලික පාසැල්, උපකෘත විශේෂ පාසල් සහ පිරිවෙන් හි අධ්‍යාපනය ලබන පාසැල් සිසු දරු දැරියන් සඳහා නොමිලේ ලබා දෙන සෞඛ්‍ය, පුද්ගලික හදිසි අනතුරු සහ දෙමාපියන් අහිමි වීම් සදහා වන්දි ගෙවීමේ රක්ෂණාවරනයයි.

     රජයේ පාසල්
     රජයේ අනුමත පෞද්ගලික පාසල්
     උපකෘත විශේෂ පාසල්
     පිරිවෙන්

වල අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් මේ යටතේ ආවරණය කෙරේ.

  • වයස අවුරුදු 05 ත් 21 ත් අතර ඉහත අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන සිසුන්
  • වයස අවුරුදු 04 ත් 21 ත් අතර උපකෘත විශේෂ පාසල් අධ්‍යාපන ඒකක වල අධ්‍යාපනය ලබන සිසුන්

  • පළමු රක්ෂණ ඔප්පු කාල සීමාව - 01.07.2024 සිට 30.06.2025
  • දෙවන රක්ෂණ ඔප්පු කාල සීමාව - 01.07.2025 සිට 30.06.2026
  • තුන්වන රක්ෂණ ඔප්පු කාල සීමාව - 01.07.2026 සිට 30.06.2027

රෝහල්ගත වීම් ආවරණය රු 300,000/-
පෞද්ගලික රෝහලක රෝහල්ගත වීම් සදහා දිනකට කාමර ගාස්තුව රු. 12,500/-
රජයේ රෝහලක රෝහල්ගත වීම් සදහා දිනකට කාමර ගාස්තුව රු. 1,000/-
අසාධ්‍ය රෝග ආවරණය රු. 1,500,000/-
විශේෂ බාහිර ප්‍රතිකාර ආවරණය රු. 20,000/-
දෙමාපිය මරණ ආවරණය - එක් දෙමාපියෙක් සදහා රු. 75,000/-
පුද්ගල හදිසි අනතුරු ආවරණය රු. 200,000/-

විශේෂ නිවේදනය -

සියලුම සුරක්ෂා හිමිකම් ලියකියවිලි ඉදිරිපත් කිරීම මාරගගත ක්‍රමය හරහා සිදු කලයුතු අතර කිසියම් හිමිකමක් නිරාකරණය කිරීම සඳහා ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බැලිය යුතු වන අවස්ථාවක දී ඊට අදාළ මුල් පිටපත් කැඳවීමේ අයිතිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සතු වේ.

මාරගගත ක්‍රමය හරහා හිමිකම් ඉදිරිපත් කිරීමේදී හිමිකමට අදාළ ඉදිරිපත් කරන ලද සියලුම ලියකියවිලි වල මුල් පිටපත් හිමිකම් ඉල්ලුම්පතද සමග විදුහල්පති විසින් සහතික කර "විදුහල්පති නිලමුද්‍රාව, අත්සන සහ අත්සන යෙදු දිනය" සමග ඉදිරිපත් කල යුතුය. (විදුහල්පති විසින් සහතික කිරීම, ඉදිරිපත් කරන ලියකියවිලි වල මැද තොරතුරු නොකැපෙන සේ සටහන් කල යුතුය.)

හිමිකම් ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ පියවරෙන් පියවර තොරතුරු මෙතනින් ලබා ගන්න.